දේශීය පුවත්

බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23) දින මෙසේ පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“බදුල්ලේ බංකොළොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොළොත් දේශපාලනය කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ජන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන මේ දේශපාලකයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැලලක්ලු. මෙවනි බංකොලොත් වැඩපක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.

24 දින බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේම නෑ එතුමා එන්නේ නැති රැස්වීම් වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද ජනතාව මුලා කරන්න එපා.

ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවාම තමයි . අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා පක්ෂය නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ. ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා පක්ෂය තීරණයක් ගනියි ඒ තීරණයට අපි වැඩ කරනවා. ජන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලකයින්ට මේ ජන්දයේදි බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More