දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඉල්ලා නීතිඥවරයෙක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතා විසින් මෙම පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පුද්ගලික පැමිණිල්ල විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස, 2015.03.04 හා 2015.06.18 යන දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල නියෝගවලට අවනත නොවී, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම මඟහැරීමෙන් ශානි අබේසේකර මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 216 (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට තමන්ගේ පැමිණිල්ලෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.

මෙම නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශානි අබේසේකර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසත්, මෙම නඩු කටයුත්තට සහභාගී නොවී විදේශ ගතවීමට ශානි අබේසේකර මහතා කටයුතු කරන බව තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

එහෙත් එම පැමිණිල්ල විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය තීරුවේ සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More