දේශීය පුවත්

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබුණ බැවින් අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු බවත් මේ වන විට එම ප්‍රශ්න තරමක් විසඳී ඇති බැවින් නැවත වතාවක් අමාත්‍යධූර භාර ගත් බවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා පවසයි.

අද(23) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වසර 4 ක් පුරා සිදු කල සමහර වැඩ අතරමඟ නතර වී ඇතැයි පැවසු අමාත්‍යවරයා ඒ වැඩ සම්පුර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය බවද පැවසීය.

මේ අතර මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අද රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවැත් වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කර සිටියේ ද යන්නයි.

එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා එයට සහභාගී වෙන බවත් පැවසීය.

මාතර සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියට අද දිනයේ දී සහභාගී වන්නේ ද යන්න ප්‍රශ්න කර සිටි මාධ්‍යයවේදීන්ට අමාත්‍යවරයා කියා සිටියේ එය රැස්වීමක් බැවින් එයට ආරාධනාවක් නොමැති බවයි.

අගමැතිවරයාගේ කෑමට යන බවත් සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම් ඔහු වෙනුවෙන් වැඩ කරන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, නිතර මේ දිනවල කෑම ඇති බවත් පැවසීය.

පක්ෂයේ විශේෂ රැස්වීමක් අද දිනයේ නොමැති බවද පැවසු ඒ මහතා අවසන් පක්ෂ සියල්ල එකතු වී අවසන් තීරණය ගනු ඇතැයි ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More