පුරවැසි කොලම

හෙට දවස වෙනුවෙන් ලියා තබමි,

මේ ගෙවෙමින් පවතින හැම මොහොතක්ම ඉතා තීරණාත්මකය.මා එසේ කියන්නේ ඉතා වගකීම් සහගතවය.කිසිවකුට නොපෙනෙන,කිසිවෙකුට නොඇසෙන, කිසිවෙකු බලාපොරොත්තු නොවන ලෙස ඉතා නින්දිත ඇමරිකානු කුමන්ත්‍රණයක් අප මාතෘ භූමිය මත ක්‍රියාත්මක වෙමින් පවතී.ඔබ මෙය විශ්වාස නොකර මාහට බැන වදීනු ඇත. කම්නැත.

මෙය අනාගතය වෙනුවෙන් ලියා තැබිය යුතු කතාවකි.මෙවර ඇමරිකානු මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඉදිරි ජනාධිපතිවරණය හරහා බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත සියළු අපේක්ෂකයින් නිර්වින්දනය කර ඇමරිකානු මතවාදයට යටත් කර ඇත. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අප රටේ ස්වෛරීත්වය අමු අමුවේ උල්ලංඝනය කරද්දී මීක් ශබ්දයක් වත් නගන ජනාධිපති අපේක්ෂකයකු නම් නැත.

ඇ.එ.ජ පසුගියදා මෙරට ආණ්ඩුව හරහා ක්‍රියාත්මක කර ගැනීමට තැත් කළ ව්‍යාපෘති ගැන අප කවුරුත් දනී.ඒ මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හා ඇක්සා ගිවිසුමයි.එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ හැම අවස්ථාවේම ඊට එරෙහි වූයේ ඔබලා කොන්ද පණ නැතැයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණි.ඔහුගේ දැඩි විරෝධය නිසා ක්‍රියාත්මක කර ගැනීමට බැරිවූ එම ගිවිසුම සම්බන්ධව ඇමරිකාව ප්ලෑන් A අතහැර ප්ලෑන් B වෙත ගොස් ඇත.පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යෙමු කරමින් ඇමරිකානු තානාපතිවරිය කියා සිටියේ ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක කර ගැනීම ඉදිරි ජනාධිපතිවරයා පත්වන තුරු කල් දමන බවයි.දැන් තත්වය ඉතා පැහැදිලිය.ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක කර ගැනීමට ජනාධිපතිවරයෙක් ඇමරිකාවට අවශයව තිබේ.රනිල් හරහා එය ක්‍රියාත්මක කර ගත හැකිවුවද ඊට බාධාවක් ඇත.මීළඟ ජනාධිපතිරණය සම්බන්ධ ඇමරිකාවට තක්සේරුවක් ඇත.නැතිනම් ඒ ඇමරිකාව නොවනු ඇත.ඒ නිසා ඔවුන් ජනාධිපති අපේක්ෂකයන් ඉලක්ක කරගත් මෙහෙයුමක නිරත වේ.ඒ වෙනුවෙන් ඇමරිකානු තානාපතිනියට අමතරව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක්ද මෙරට කරක් ගැහුවාය.බෝහෝ දෙනා සමග සාකච්ඡා කළ බව වගකීමෙන් කියමි.ඇමරිකානු ඉල්ලීම්වලට යටත් නම් ක්ෂණයෙන් ඕනෑම දෙයක් කර දීමට,ඕනෑම දෙයක් ඉවත් කර දීමට ඇමරිකාව සූදානම්.

පසුගිය දා අප රටේ ජනාධිපතිවරයා විසින් රටේ හමුදාපතිවරයා පත් කරනු ලැබීය.ඊට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විරෝධය පල කලේය.අප රටේ ස්වෛරීත්වයට සෘපුවම අභියෝග කළේය.නමුත් කට ඇරිය ජනාධිපති අපේක්ෂකයෙක් නැත.කට ඇරිය අගමැති අපේක්ෂකයෙක්ද නැත.ඒ වෙනුවට ඔවුන්ගේ හෙන්චයියන් හරහා ලීවේ ශවේන්ද්‍ර සිල්වා බුද්ධි අංශ පාවා දුන් බවයි.සිරිසේන ශවේන්ද්‍ර සිල්වා පත් කළේ ලකුණු දා ගැනීමට බවයි. ශවේන්ද්‍ර සිල්වා හා සිරිසේන පැත්තකින් තබා රටට හතුරු ප්‍රකාශ වලට පිළිතුරු දීමට ඉදිරිපත් වු ජනාධිපති අපේක්ෂකයා කවුද?අගමැති අපේක්ෂකයා කවුද?අප හිස මුදුනෙන් තබාගෙන වදින නායකයන් ඇමරිකාවට යටත්ව ඇත.මව්බිමට ඉහළින් කිසිවෙක් තබා ගත යුතුව නැත.සියල්ලට ඉහළින් ඇත්තේ මව්බිමයි.අද ඔබ මෙම සියල්ල යටත් කළ ඇමරිකානු මෙහෙයුම නොපිළිගත්තද හෙට ඔබට එය අනිවාර්යයෙන් පිළිගැනීමට සිදුවනු ඇත.එවිට සියල්ල සිදුවී හමාරය.සමහරවිට අප ජීවතුන් අතරද නැත.

ප්‍රියන්ජිත් විතාරන (ජානිපෙ හිටපු ලේකම්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More