දේශීය පුවත්

මඩකලපුව විශ්වවිද්‍යාලය Batticaloa University නමින් ලබන වර්ෂයේ ජනවාරි මස තුන්වන දින විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.හිස්බුල්ලා ප්‍රකාශ කළේය.

හදිසි නීතිය යටතේ හෝ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බවත් කිසිම අයුරකින් මෙහි ආගමික ඉගැන්වීම් සිදු නොවන බව කාත්තන්කුඩිය මීරා ජුම්මා පල්ලියේ පැවැති ආගමිකවතාවත්වලින් අනතුරුව ඒ මහතා හිස්බුල්ලා මහතා මේ බව සදහන් කළේය.

නමුත් රටේ පවතින වාතාවරණය අනුව මෙම විශ්ව විද්‍යාලය පිළිබඳව ජනතාව අතර සැකයක් පවතින බවත් මෙහි ජාතිය හෝ ආගමකට සම්බන්ධ විෂයන් නොව ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පී, කෘෂි තාක්ෂණ, රොබෝ තාක්ෂණ වැනි විෂයන් උගන්වන සියලු ජාතිකයන්ට සහ අඩු ආදායම් ලාභීන්ට විවෘත ආයතනයක් යැයි ඔහු කීවේය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියක් නොමැතිව මෙවැනි ආයතනයක් පිහිටුවා ගත නොහැකි බවත් ලාභ නොලබන පදනම් භාරයක් සතු මෙම විශ්වවිද්‍යාලය සඳහා සියලු අනුමැතීන් ලබා ගෙන ඇති බව කී හිටපු ආණ්ඩුකාරවරයා මෙසේ ද සදහන් කළහ.

“විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් යම් සැකයක් තිබුණත් එහි ප්‍රධාන නිලතල රැසක් දරනු ලැබුවේ සිංහළ බෞද්ධ ආචාර්යවරුන් විසිනුයි. රජය සදහන් කරන කොන්දේසි යටතේ ඉගැන්වීම් කරන්න අපි සූදානම්. මෙහි ආරම්භ කරන විෂය නිර්දේශ පිළිබඳව අපි වර්ෂ 2017දී උසස් අධ්‍යාපන අමාතංශය සමඟ සාකච්ඡා කළා. සිවිල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ගෘහ නිර්මාණ ශිල්ප, නීතිය, සංචාරක හා ආගන්තුක සත්කාරක කළමණාකරණය ඇතුලු විෂයයන් අප විසින් ඉල්ලුම් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More