පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය ගැන විමර්ශන වැඩ බලන පොලිස්පතිවරයා විසින් යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබ තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියෙකු ලෙස සිටියදී ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබිණි.
එම පැමිණිල්ල විමර්ශනය කරන ලෙස මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබූ අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය මූලික විමර්ශනයෙන් පසු ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් මෙම විමර්ශන යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...