දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයක් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂයට ගැටලු ඇති බවත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහ ලේකම්වරයා මේ අදහස් පල කලේය.

පක්ෂය තුළ සිටින බහුතරයක් එකමුතුව කටයුතු කිරීමට සැරසෙද්දී කිහිප දෙනෙකු එම එකමුතුකම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන පව පෙන්වා දෙන මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ වනවිට පක්ෂයට හා පක්ෂ නායකත්වයට අභියෝග එල්ල වී ඇත්තේ සජිත් පාර්ශ්වයෙනි. ඒ අනුව මහ ලේකම්වරයා මේ පවසන්නේ සජිත් පාර්ශ්වයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් විය යුතුය.

මේ වන විට සජිත් පාර්ශවය නමින් එජාප ය තුළ වෙනම පාර්ශවයක් බිහිව ඇති අතර ඔවුන් දැඩි ස්ථාවරයක සිටින්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස එජාප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More