දේශීය පුවත්

තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (22) පැවැසීය.

පසුගිය අපේ‍්‍රල් මස 17 වැනිදා සිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බවට තමන් මේවනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බව කී රාජපක්‍ෂ මහතා ඒ අනුව ද්විත්ව පුරවැසියකු ලෙස ස`දහන් කරමින් නිකුත්කර තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගුකර ශ්‍රී ලාංකික පුරවැසියකු බව සදහන් කරමින් තමන්ට නව ගමන් බලපත‍්‍රයක්ද නිකුත්කර තිබෙන බවද ඔහු කීය.

එහෙත් තම පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරය කරමින් අධිකරණමය ක‍්‍රියාමාර්ගයකින් හෝ ප‍්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවද ඔහු කීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ හමුවකට සහභාගි වෙමින් ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද මේ අවස්ථාවට සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More