මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පත් කරන ලද එහි ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ වාර්තාව අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් විදේශීය කිරිපිටි සමාගම් වලට පක්ෂපාතීව මහජන සෞඛ්‍යය නොසලකා කටයුතු කරන බව එළිදරව් වේ.
එම වාර්තාවට අනුව ආනයනික කිරිපිටි වලට අදාල තත්ව වාර්තා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා නොදී ඒවා පමා කරන අතර අදාල කිරිපිටි තොග ආනයනකරුවන් පුද්ගලිකව සහතිකයක් මත නිදහස් කරන ලෙස රේගුවට උපදෙස් දී ඇති බව තහවුරු වේ.
ඒ අතර නවසීලන්ත කිරි පිටි සමාගමට අනුබද්ධ ආයතනයක් විසින් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නවසීලන්ත සංචාරයක් ලබාදී ඇති බවද හෙළිදරව් වේ.
ඒ අතර කිරිපිටි සමාගම් වලට පක්ෂව කටයුතු කරන බවට චෝදනා එල්ල වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඥාතියෙකු බවට ද තොරතුරු වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...