දේශීය පුවත්

වසර හැටකට ආසන්න කාලයක් තුළ කරගත නොහැකිව තිබූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (22) බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“අද අපි දකින්නේ අලංකාර කොළඹක්. ලෝකයේ අනිත් රටවල වගේ අලංකාර නගරයක් ලෙස කොළඹ පරිවර්තනය කිරීම. අවුරුදු 50ක් 60ක් රට කිසිම සැලසුමක් නැතිව සංවර්ධනය වුණා. මේ අමාත්‍යාංශයේ ක්‍රියාමාර්ග නිසා අවුරුදු 50ක් 60ක් කරන්න බැරි වුණ සංවර්ධනය අපි පසුගිය අවුරුදු 4 තුළ කළා. මේ බෝට්ටු නිර්මාණය කිරීම ගැන මං නාවික හමුදාවට ස්තූති කරනවා. දැනට බෝට්ටු 2ක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා පැය භාගයක් යන ගමන විනාඩි 10කින් යන්න පුළුවන්. දැන් අපිට අලංකාර නගරයක් තියෙනවා. නවීන නගරයක් තියෙනවා. වෙන කවුරු කිව්වත් කොළඹ හැදුවා කියලා, කොළඹ හැදුවේ මේ චම්පික රණවක ඇමතිතුමයි අනිත් ආයතනයි එකතුවෙලා. අපිට ඕන කොළඹ නගරය දකුණු ආසියාවේ ලස්සනම නගරය කරන්න. කොළඹ මහනගරයක් කිරීමේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ අපි. වෙන කාටවත් ඒක කරන්න බෑ. අපි උත්සාහ කරන්නේ විශාල ආයෝජන මෙරටට ලබා ගෙන අපනයන ආදායම වැඩි කරන්න. අපි දියුණු රටක් වෙනවා නම් අපිට හැමදාමත් ණයට ගන්න බෑ. හිගාකන්න බෑ. ආත්ම ගෞරවයක් ඇතිව අපි ඉදිරියට යන්න ඕන. ” යැයි ද පැවසීය.

කොළඹ මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස ජල මාර්ග හරහා මගීන් ප්‍රවාහනය කිරීම මූලික කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. රුපියල් මිලියන 100ක ආයෝජනයකින් යුතු මෙම ව්‍යාපෘතියට වායු සමනය කරන ලද ආසන 50කින් සමන්විත මගී ප්‍රවාහන බෝට්ටු 2ක් ඇතුළත්ය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ මෙම සේවාව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් පවත්වා ගෙන යනු ලබයි. මෙම ප්‍රවාහන සේවය මුල් කාල සීමාවේදි නොමිලේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඒකාබද්ධව සිදුකරන මෙම සේවාවේ දී නාවික ගමනකදි පිළිපැදිය යුතු සියලු ආරක්ෂක විධිවිධාන අනුගමනය කරනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More