ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නම් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය මත එම පක්ෂයේ අවසන් තීරණය තීරණය ගැනීමට නියමිතය.
යම් ලෙසකින් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා අසාර්ථක වුවහොත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට එම පක්ෂය සහය දෙනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.
සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය ලබා නොදී සිටීමේ වැඩි ඉඩක් ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...