දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා යම් ආකාරයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළහොත් එම නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයක් හරහා බහුතරයෙන් පරාජයට පත් කිරීමට සැලසුම් සකස් වෙමින් තිබෙන බව පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ තවත් සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඔවුන්ගේ තක්සේරුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට බහුතරයක් නොමැති බවයි.

සන්ධාන හා ජවිපෙ මන්ත්‍රීවරුන් 102 සිටියද ඔවුගෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනු ඇත්තේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5-6 දෙනෙක් පමණක් බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරය කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකි බව ඔවුන්ගේ තක්සේරුවයි.

මේ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති වුවහොත් ඊට විරුද්දව කථානායක කරු ජයසූරිය මහතා හරහා පාර්ලිමේන්තු සටනද සූදානම් වනු ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More