ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවද ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් ජනාධිපතිවරයා දැන් කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි පුද්ගලයකු ජනාධිපති හෝ අගමැති බවට පත් කිරීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයෙන් බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා බවත් ඔහු චෝදනා කළේය.
මන්ත්‍රීවරයා විසින් මෙම චෝදනා කරද්දී අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් ලග තවත් විශේෂ හඬපට කිහිපයක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරිපත් කරන්න තමන් සූදානම් බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...