ලංකා සතොස 2015 සිට 2018 දක්වා රුපියල් කෝටි 1063.7ක පාඩුවක් ලබා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ ඊයේ (21 වැනිදා) හෙළිදරව් විය.
ලංකා සතොස 2015දී කෝටි 194.5ක්, 2016දී කෝටි 513ක්, 2017දී කෝටි 270ක් සහ 2018දී කෝටි 86.2ක් පාඩු ලබා ඇතැයි සතොස නිලධාරීන් ඊයේ (21 වැනිදා) කෝප් කමිටුවේදී අනාවරණය කළහ.
කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21 වැනිදා) පාර්ලිමේන්තුවේ කෝප් කමිටු ශාලාවේදී රැස්විය. ලංකා සතොස නිලධාරීන් ඊයේ ඒ සඳහා කැඳවා තිබිණි.
සහල් මෙට්‍රික් ටොන් 80,000ක් 2014දී ආනයනය කර වසරක් ගතවත්ම වෙළෙඳපොළට නිකුත් නොකර තිබූ බවද පසුව ඒවා සත්ත්ව ආහාර ලෙස විකිණීම නිසා සතොසට රුපියල් කෝටි 1500ක පාඩුවක් සිදුවූ බවද මෙහිදී අනාවරණය විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...