‘‘සජිත් එනවා’’ මාතර ජන රැලිය පැවැත්වෙන එළැඹෙන 23 වැනිදා පක්ෂයේ අනුමැතියකින් තොරව රැලියට සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත.
බදුල්ලේ පැවැති ‘‘සජිත් එනවා’’ රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන් පිළිගැනීම් උත්සවයකට සහභාගි වන බව ප්‍රකාශ කරමින් පක්ෂ නායකත්වයේ අවසරය ලබා ගෙන තිබේ. බදුල්ලේ පැවැති ජන රැලියේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය විවේචනය කිරීම නිසා මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මාතර පැවැත්වෙන ජන රැලිය මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරයි. මෙම රැලිය පැවැත්වෙන දින විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගි වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. එදින රාත්‍රී 7.00ට අරලියගහ මන්දිරයට පවුලේ සාමාජිකයන් සමග සහභාගි වන ලෙස අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...