පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂගෙ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අභීෂේකය සමග ඔල්වරසන් දීම , කිරි බත් කෑම හා රතීඤ්ඤා පත්තු කිරිම හැර සමාජගත වු දේශපාලන අරගලයක් ඇරඹුණ වගක් නොපෙනේ. ඇහිල්ලකින් බැලිමකින් තොරව කොන්දේසි විරහිතව අත් දෙකම එසවීම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා කිසිසේත්ම යෝග්‍ය නොවේ. එවන් අන්ධවු දේශපාලන ප්‍රවණතාවයකින් පසුව ඇතිවන අනිවාර්ය ප්‍රතිඵලය , වන්නේ ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව ඇතිවන භයානක නිද්‍රාශීලීත්වයයි. 2001 රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසුව දෙමළ නිජබිමට උඩගෙඩි දුන් සටන් විරාම ගිවිසුම් සාධාරණය කරමින් ෆෙඩරල්වාදි ප්‍රවණතාවයට එරෙහිව සමාජය තුල හෝ මාධ්‍ය තුල කිසිදු හඬක් නොනැගිණි.

නිවට නායකයකයන් දෙපලක් අභියස අයාලේ යන රටකට, කවුරු හෝ විකල්පයක් බලයට පත් කරගැනිම ජාතියේ අවශ්‍යතාව නොවේ. ගෝඨාභය ගැන තිබේන සාධනීය අපේක්ෂාවන් අභියෝගයට ලක්වන ජනතාව ප්‍රතික්ෂේප කරන සහචරයන් රැසක් ඔහුට ඇකැමැත්තෙන් හෝ උරුම වී ඇත. ජනාධිපති අපේක්ෂකධුරය සමග පොදු ජන පෙරමුණෙන් ලැබෙන ලාභ මෙන්ම අලාභද ඔහු විසින් දැරිය යුතුය.

ගෝඨාභයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම සඳහා මහින්ද රාජපක්ෂ අනිවාර්‍යවු සාධකයකි. මහින්ද රාජපක්ෂ යනුවෙන් අදහස් වන්නේ මෙරට දේශපාලනය තුල ජනප්‍රිය ජාතිකත්වය නියෝජනය කරන කොටසයි. ගෝඨාභයගේ චන්ද මල්ල තුල සාතිශය බහුතරය නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂට ඇළුම් කරන ජනප්‍රිය ජාතිකවාදින්‍ ය. පසුගිය කාලය තුල කටවුට් ,බැනර්, දේශපාලන කෑම දන්සල් , හන්දියක් හන්දියක් පාසා දේශපාලඥයන්ට මයික් අල්ලන, වගකීමක් නැති දේශපාලන විහිලු කතා ඒ ජනප්‍රිය දේශපාලනයේ අපුල ලක්ෂණ වෙති. ගෝඨාභයට පොදු ජන පෙරෙමුණෙන් උරුමයට ලැබෙන්නේ එම අපුල දේශපාලනයේ ඔස්තාර්වරු පිරිසකි.

ජනාධිපතිවරණයකදි මහින්දගේ ගොඩ කොයිතරම් විශාල වුවද ජයග්‍රහණය සඳහා වැදගත් වන්නේ ගෝඨාභය විසින් ආකර්ෂණය කර ගන්නා චන්ද ප්‍රතිශතයයි. එම පිරිස පසුගිය ජනාධිපතිවරණයේදි පැහැදිලිව මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ පාවෙන චන්දවලට අයත් වේ. දේශපාලන විනය, නීතියේ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ මූලීක සලකා බැලීම් වලට ලක් වුණි. යහපාලන රජය ඔවුන්ඉච්ඡාභංගත්වයට පත් කල අතර මහින්ද රාජපක්ෂ අනුගාමිකයෝ එය නිවරැදි කර ගත් බවක් ඒත්තු ගැන්වීමට අපෝහසත් වූහ.

ගැටලුව වන්නේ ගෝඨාභය ඉල්ලා සිටින ජනතාව, ගෝඨාභය ලෙස හඳුනාගන්නා සහ ඉල්ලා සිටින දේශපාලන භාවිතාව සහ ඔහු ඔසවා තැබීමට කටයුතු කරන මැතිවරණ යාන්ත්‍රණයේ කොටස් කරුවන් අතර බරපතල පරතරයක් පැවතීමයි. පසුගිය කාලය තුල පරිවාර රථ ආරක්ෂකයන් පුරවා ගත් විලම්භීත දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපතිවරණයේදි තීරණාත්මකවන්නේ එම පිරිස නතු කර ගැනිම සඳහා ඉදිරිපත්වන වැඩ පිළිවෙලයි.

ජනාධිපතිවරණයේ ප්‍රතිපලය රටට යහපතක් වීමට නම්, ජයග්‍රහණයේ පදනම, හුදෙක් ගෝඨාභයගේ හෝ මහින්දගේ ජනප්‍රියතාව හෝ පවතින ආණ්ඩුවේ නොහැකියාව විය නොහැකිය.
රටේ ඉදිරිගමනට අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස් කිරිම් පූර්ව් මැතිවරණ වේදිකාවේ සටන් පාඨබවට පත් විය යුතුය. එම ඉල්ලීම් ජනතා අරගලයකින් පැන නැගෙන දේශපාලඥයන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි මැතිවරණ තේමාවන් බවට පත් කළ යුතුය.

17 වසරක දූෂණයට හීෂණයට එරෙහිව නැගුණු 1994 ජනරැල්ල එකී ජඩපාලනයේ පිතෘවරයන් වු එජාපයට පවා පිටුපා සිටිය නොහැකි විය. අල්ලස් හා දූෂණ කොමිසම් සභා පණත එජාපයේ සහයෝගයද ඇතිව 2/3 කින් සම්මත වුයේ එහෙයිනි. 2015 දි ජනාධිපතිධූරය හා දූෂණයට එරෙහිව යහපාලන සටන් පාඨයේ බලය නිසා රාජපක්ෂ කඳවුරටම මහත් විනාශයක් වු 19 සංශෝධනය මගහැර යෑමට ඒකාබද්ධ විපක්ෂයට නොහැකි විය. නඩු නැහැවුවත්, කිසිදු පරික්ෂණයක් අවසන් නොවුවත් මූණිචිචාවට හෝ යහපාලන ආණ්ඩුව තවමත් ෆයිල් උස්සන් අධිකරණ, විශේෂ අධිකරණ පස්සේ දුවන්නේ මහජන මතය තුල ඔවුන් හිර වීම තුලයි. ඔවුන්ට ලැබුණු ජනවරම සාධාරණිකරණය කළ යුතු නිසාවෙනි.

ඉස්ලාමීය අන්තවාදින් නොමැති ආණ්ඩුවක් සඳහා භික්ෂුන් වහන්සේලා සහ ජාතික සංවිධානවලින් කෙරෙන බල කිරිම හැර වෙනත් සටන් පාඨයක්ඵ් අතට ගැනීමට ගෝඨාභයට තල්ලුවක් තවමත් නැත. ජිනීවා 30/01 යෝජනාවලියට දැක්වු සමදායකත්වයෙන් ඉවත් වීම , දූෂණයට හා නාස්තියට විරුද්ධව ප්‍රායෝගික වැඩ පිළිවෙලක් හා පරිචයන් ඇති කිරිම, උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය රැකිමට බල කෙරෙන මතවාදි වේදීකාවන් වහා නිර්මාණය වියයුතුය. ජාතික ආර්ථිකය, ආරක්ෂාව සහ ස්වාධිපත්‍යය නොතකා ඇති කරගනු ලබන ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවේ වගකීමට යටත් කිරිමට බලකල යුතුය.

ගෝඨාභය සහා ඔහු ලෙස හඳුනාගන්නා මතවාදි ප්‍රපංචය මැතිවරණ ව්‍යාපාරය තුල හුදකලා වීමෙන්, බලයට පත් වීමෙන් පසු ඔහු ජනප්‍රිය ජාතිකවාදින්ගේ ගොදුරක් බවට පත්වනු ඇත. විශේෂයෙන්ම 19 වන සංශෝධනයෙන් දුර්වල කරන ලද ජනාධිපතිධුරයට පාර්ලිමේන්තුවේ සහයෝගය අත්‍යාවශ්‍ය වේ. කවුරුන් කුමන සිහින දැක්කත්, 2020 මහමැතිවරණයේදිත් අපට පාර්ලිමේන්තුවට යවන්නට සිද්ධ වන්නේ පවතින පක්ෂ විසින් නම් කරනු ලබන ජරාජීර්ණ වු දේශපාලන නියෝජීතයන්ම පමණි. මෑතකදි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සභාව ඇමතු පාකිස්තාන අගමැතිවරයා දූෂණය නැති කිරිමට අවශ්‍ය මුලික කරුණු තුනක් ඉදිරිපත් කරන ලදි. රජයේ තනතුරු දරන අයගේ ව්‍යාපාරික හා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදි ළැදියාවන් අතර ගැටුම් නතර කිරිම, ඉහළ තනතුරු දරන දුෂිතයන්ට දඬුවම් කිරිම, සාමාන්‍ය මිනිසුන් දූෂණයට පොළඹවන ආයතනික පද්ධතින් වෙනස් කිරිම ඒ කරුණු වේ.

මෙවැනි ප්‍රතිසංස්කරණ කිරිමට ගෝඨාභය වටා සිටින පිරිස ඔහුට අවකාශය ලබා දෙයිද? හුදෙක් අණපනත් සම්මත කිරිම හා මාධ්‍ය සංදර්ශන පැවත් වීම වෙනුවට ජනතාව අපේක්ෂා කරන අවංක කැප කිරිමකට එකඟවිය හැකි ඉතිහාසයක් ඔවුන් සතුවේද? ජාතිකවාදි රැල්ලකින් බලයට ආ බන්ඩාරනායක අගමැතිවරයාට බස් ,වරාය
ජනසතුව , කුඹුරු පණත ක්‍රියාත්මක කිරිමට හැකිවුයේ කෙටි කලකි. ඇමරිකානු මිල්ටරි හා බුද්ධි අංශ පරිපාලන ආධිපත්‍යයට පටහැනිව වියට්නාම යුද්ධය අවසන් කිරිමට හා සිවිල් අයිතිවාසිකම් පණත් බලාත්මක කිරිමට කටයුතු කල ජෝන් කෙනඩි ජනාධිපතිවරයා ඉතා කෙටි කලකදි තුවක්කු කරුවකුගෙ ගොදුරක් බවට පත් විය.

තමන්ගෙ පැවැත්ම අභියෝගයට ලක්වුවහොත් , ඔවුහු ගෝඨාභයට එරෙහිව අවි ඔසවනු ඇත. එසේ නොවුවහොත්, පාර්ලිමේන්තුවේ බහුතරය හා පැවත්ම වෙනුවෙන් ජරාජීර්ණ දේශපාලනයට අනුගතවීමට ඔහුට සිදුවනු ඇත. මේ දේයාකාරයෙන්ම අවසානයේ සිදුවන්නේ ගෝඨාභය ලෙසට ජනතාව විසින් අපේක්ෂා කරන දේශාපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අභීලාෂයන් ඝාතනයට ලක් වීමයි.

මැතිවරණයේදි ජනතා අභිලාෂයන් ගෝඨාභයට මගහැර යා නොහැකි සමාජ ඉල්ලීමක් තරම් ත්‍රීවරව ඉස්මතු කල යුතුය. පෙරහැරේ සිටින ඓතිහාසික හොරුන්ට , ෆෙඩරල්වාදීන්ට එරෙහිව ජනතා අධිකරණය ඉදිරියේ ඔහු තාප්පයට හිර කළහොත් එම ප්‍රතිගාමී බලවේගයන්ට එරෙහිව ක්‍රියාත්මකවීමට ඔහුට බල කෙරෙනු ඇත. එය කල හැක්කේ ගෝඨාභය පොදු ජන පෙරමුණේ මැතිවරණ ක්‍රියාදාමය තුල නිදැල්ලේ පාවී හැරිමට ඉඩ හැරිමෙන් නොව භික්ෂුන් වහන්සේලා, සැබෑ ජාතිකවාදින් හා ජනතාවගේ අත් අඩංගුවට ගැනිමෙන් පමණි.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
මධ්‍ය මණ්ඩල සභික
හෙළ ජන බලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More