දේශීය පුවත්

මාතෘ භුමියේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමට යුධ හමුදාවට නායකත්වය ලබාදීම සිය ප්‍රථම කාර්යය භාරය බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපති ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කිරිමට උපදේශයන් ලබාදීම සිය දෙවන කාර්යය භාරය බවයි.

සියලුදෙනාගේ සුබ සාධනය වෙනුවෙන් ක්‍රියා කරමින් රණවිරු පවුල්වල සුබ සාධන අවශ්‍යතා සපුරාලීම තෙවන කාර්යය ලෙස ද යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

ලෝකයේ ඕනෑම හමුදාවක් තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකින්නටත් නිදහස්ව හා ප්‍රජාතන්ත්‍රවාදීව ජිවත්විමේ වටපිටාව නිර්මාණය කිරිමටත් බැදී සිටින බව ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඕනෑම රාජ්‍යයක් පිළිගන්නා සම්මතයන් ආරක්ෂා කරමින් හා ජාත්‍යන්තර මානුෂවාදී අයිතීන් රැකෙන ලෙස යුධ සමයේදී ක්‍රියාකළ බවත් වර්තමානයේදී අප රටේ ජිවත් වන දමිල, මුස්ලිම්, බර්ග, මැලේ ආදී සියලු ජාතීන්ට එක මවකගේ දරු කැලැක්මෙන් සහජිවනයෙන්, සංහිදියාවෙන් හා සහෝදරත්වයෙන් ජිවත්විමේ අයිතිය උදාකරදිමට අවශ්‍ය වටපිටාව සම්පාදනය කිරිම සැමගේ වගකීම බව යුධ හමුදාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන් ඕනෑම තත්ත්වයකට මුහුණදීම උදෙසා යුධ හමුදා බුද්ධී අංශ ප්‍රතිසංවිධානය කොට සිය කාර්යක්ෂමතාව ඉහල තලයකට ගෙනඒමත් ජාත්‍යන්තර හමුදාවන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයන් අධ්‍යයනය කොට එම අත්දැකීම් අප බුද්ධි අංශ වෙතද ලබාදීම පිළීබඳව දැඩි අවධානය යොමු කර ඇති බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරමින් තමා වෙත පැවරෙනෙ සියලු වගකීම් හා කාර්යයන් සාර්ථකව මෙන්ම ක්‍රමානූකුලව ඉටු කිරිමටත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්තිනාමය හා ජීව ගුණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

මේ අතර ශ්‍රි ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් නවතන ලෙස ත්‍රෛයිනිකායික ජාතික භික්ෂූ පෙරමුණ මහනුවරදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ජූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමි සදහන් කළේ යුද්ධය පැවති සමයේද මෙවැනි විදේශ මැදිහත්විම් තත්ත්වයන් පැවැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More