ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් කොළඹ තරු පන්තියේ හෝටලයක ඊයේ (21) පැවැත්විණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද මෙම විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට සහභාගි වී ඇති අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද ඊට සහභාගි වී තිබේ.
මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ තවත් රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතයි. කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.
එහි අරමුණු පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියා සිටියේ වෙනත් දේශපාලන පක්ෂ රාශියක් මේ වන විට සිය පක්ෂය සමග සාකච්ඡා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවක් මෙහිදි සිදු කෙරෙන බවයි. තවද පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට සිදුව ඇති බරපතල බෙදීම තුළ එජාප කණ්ඩායම් වියරු වැටී දේශපාලන කටයුතුවල නියැලෙන හෙයින් ඒ සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරෙන බව කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී මන්ති‍්‍රවරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද අද පැවැත්වෙන රැස්වීමේදී හදුන්වා දෙනු ඇතැයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...