පොලිස් රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරියක වන දුලක්ෂි චමෝදරි ප‍්‍රනාන්දු සහ සුපුණි දුලාංජලී යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත‍්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා ඊයේ (21දා* නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරියගේ පියා සහ නැගණිය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.
පසුගිය 19 දා ලූණුවිල සිරිගම්පොල තුම්මෝදර මාර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරිය නතර කර පරීක්ෂා කිරීමේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...