දේශීය පුවත්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනටමත් රට හමුවේ ප්‍රකාශ කර ඇති නීතීඥවරයකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත සහ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සන්ධාන ගතවී ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි පක්ෂ තුනක් සහ රොහාන් පල්ලෙවත්ත නායකත්වය දරන ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සන්ධානගතව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එහි දැක්විණ.

මාධ්‍යෙවත අදහස් දක්වමින් රොහාන් පල්ලෙවත්ත සඳහන් කර ඇත්තේ තමන් “විකල්ප බලවේගයන්ගේ ජාතික සන්ධානය” ලෙස ඉදිරියේදී සිය ඡන්ද ව්‍යාපාරය දියත් කරන බවය බවය.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සෙසු පාර්ශ්ව සමග අදහස් හුවමාරු කරගත් අතර අවසානයේ සන්ධානයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා පොදු එකඟතාවකට පැමිණි බවත් ඔහු පවසා ඇත.

කෙසේ නමුත් දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් අවසන් තීන්දුවකට පැමිණ නොමැත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමා ඇතුළු සෙසු සාමාජිකයින් විසින් නිර්මාණය කරගත් සන්ධානය ඉදිරි දින කිහිපයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට ද කටයුතු කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More