ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන අවධියේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව ඇතැයි දක්වමින් ලද පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු වී ඇති බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසය යටතේ 2005 වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමටත්, වසර 2005 ජනාධිපතිවරණයේදී ඔහුට සිය ඡන්දය භාවිත කිරීමට තිබු හැකියාවත් ප්‍රශ්ණ කරමින් අදාළ පැමිණිල්ල යොමු කරනු ලැබුවේ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසිනි.
රජයට අයත් ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත ද මේ කරුණ සම්බන්ධයෙන් පසුගියදා පළ කළ දීර්ඝ ලිපියට, ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් 2005 මුල්කිරිගල ආසනයේ මැදමුලන ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ලැයිස්තුවේ පිටපතක්ද ඇතුලත්ව තිබිණි. 2003 වසරේ අමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු වුයේ 2005 වසරේ ජනාධිපතිවරණයෙන් පසු බව ද පෙන්වා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...