දේශීය පුවත්

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යන්ත්‍රෝපකරණ අංශයේ සේවකයන් පිරිසක් කොලොන්නාව පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ වහලක් මතට නැගී අද (21) උදෑසන අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.

සේවකයෝ සිව්දෙනෙකු හා සේවිකාවක් මෙසේ වහලය මත නැඟ අඛණ්ඩ උපවාසයක නිරතව සිටින අතර සෙසු සේවක පිරිස ඔවුනට සහාය පළ කරමින් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ. සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලට නොගෙවා ඇති මාස 21ක හිඟ මුදල් ගෙවීම (දැනට ගෙවිය යුතු හිඟ මුදල ලක්ෂ 83 කි), විශ්‍රාම ගිය සේවකයන් 43කගේ පාරිතෝෂික දීමනාව වහා ගෙවීම, කම්කරු කොමසාරිස්වරයා විසින් සේවකයන්ගේ අයිතීන් පිළිබදව ලබාදී ඇති නියෝග වහා ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට හිමි සියලු වරප්‍රසාද, දීමනා ලබාදීම යන ඉල්ලීම් ලැබෙන තුරු මෙම අඛණ්ඩ උපවාසය පවත්වන බව එම ආයතනයේ වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි

ජාතික නිවාස අධිකාරිය යටතේ පාඩු ලබමින් තිබූ මෙම ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව යටතට ගෙන එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හිටපු නිවාස හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාලනය යටතේ හැකිවූ බවත් දේශපාලන පත්වීම් ලබා දීම ඇතුළු සජිත් ඇමතැතිතුමාගේ අදූරදර්ශී පාලනය හේතු කොට ගෙන දැන් තම ආයතනය සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීම් පවා බැරි ආයතනයක් බවට පත්වී ඇති බව ද සේවකයෝ පවසති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More