පුරවැසි කොලම

‘ඇමරිකාවේ රුදාව’

August 21, 2019 5:29 pm | Lanka Lead News

නාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා යනු 30 වසරක යුද සාපයෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීම සඳහා තීරණාත්මක යුග මෙහෙවරක් කළ රණවිරුවෙකි. රණබිමෙහි ඔහු දැක්වූ දස්කම් නිසාම වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම සහ රණශූර යන විශිෂ්ට සම්මාන තුනකින් ශවේන්ද්‍ර සිල්වා පිදුම් ලබා තිබේ. එනිසා ඔහු මෙරට යුද හමුදාපති ලෙස අභිෂේක ලැබීම ශ්‍රී ලාංකික අපට ආඩම්බරයකි. සුදුස්සාට සුදුසු තැන හිමිවීමකි. නමුත් මේ ගැන ඇමරිකාව හොඳටම කලබල වී ඇති බවක් පෙනේ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හදිසියේ ම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනුයේ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කිරීම සංහිඳියාව සහ සමගිය සඳහා වන ක්‍රියාදාමයට බාධාවක් විය හැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව අවි අමෝරා තිබේ.

ඇමරිකාවේ මෙම හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැක. ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස අපට අප කැමැති හමුදාපතිවරයකු පත්කර ගැනීමට නිදහසක් තිබිය යුතුය. එලෙස බලපෑම් කිරීම පවා මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. රටේ ආරක්‍ෂාව පිළිබඳව හොඳම අවබෝධය ඇත්තේ අපට මිස ඇමරිකාවට නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මානව හිමිකම් පිළිබඳව ඉහළින්ම කතා කරන රටක් වන ඇමරිකාව ශ්‍රී ලංකාව ඔවුන්ගේ කොලනියක් බව සිතා කටයුතු කරන්නේ නම් එය බලවත් අර්බුදයකි. රටකට නිදහසේ තීරණ ගැනීමට ඇති ඉඩ අහුරා දැමීම ලොව අන් කිසිදු රටක් අනුමත නොකරනු ඇත.

බොහෝ බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවලට විවිධ බලපෑම් එල්ල කරනුයේ රාජ්‍ය තාන්ත්‍රික සීමා ඉක්මවා කටයුතු කරමිනි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඊට බටහිර රටවල්වලින් විශාල විරෝධයක් එල්ල විය. නමුත් ඇමරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ඊට කිසිදු විරෝධයක් පළ කළේ නැත. මෙය දෙබඩි පිළිවෙතකි.

තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය කතෝලික ජනතාව ඉලක්ක කරගෙන පසුගිය පාස්කු ඉරිදාවේ අල්ල කළ ප්‍රහාරයෙත් සමග අපට ජාතික ආරක්‍ෂාව පිළිබඳව යළි යළිත් සිතන්නට පසුබිම සැකසිනි. ජාතික ආරක්‍ෂාවේ ඇති හිල් වසා දැමීමට එම ප්‍රහාරය විසින් බලකරන ලැබ ඇත. එසේම තවමත් වරින් වර අවි පුහුණුව ලැබූ ත්‍රස්තයන් ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීම තුළ ප්‍රශ්නය අවසන් වී නොමැති බව පැහැදිලිය. මේ අතරතුර පෙරේදා යුද හමුදා බුද්ධි අංශ මගින් පලෙයි කිලිනොච්චි රෝහලේ වෛiවරයකු අත්අඩංගුවට ගනු ලබනුයේ ඔහු කොටි සංවිධානයට සම්බන්ධ බව පවසමිනි. මේ අතරතුර පසුගිය කාලයේදී ‘ආවා’ නමැති කල්ලියක් උතුරු පළාතේ සිටි බවද අමතක නොකළ යුතුය. මේ සියලු කාරණා සලකා බැලීමේ දී අප රට පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් එළඹ ඇත. විශේෂයෙන් ඉදිරි කාලයේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් රටේ ආරක්‍ෂාව තරවිය යුතුය. එවැනි මොහොතක ශවේන්ද්‍ර සිල්වා වැනි අද්දැකීම් සපිරි රණ ශූරයකු හමුදාපති ලෙස පත්කිරීම ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත් ඉතා වැදගත් තීන්දුවකි.

නව යුද හමුදාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ විරෝධයට මේ වන විට රජය නිසි පිළිතුරු ලබාදී තිබේ. ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත්කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවය. විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ අභ්‍යන්තර පරිපාලනයන්ට ඇඟිලි ගැසීම යුක්තිසහගත නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සමස්ත ලෝක ප්‍රජාවම බලමුළු තර කරන මේ මොහොතේ අපට ඇමෙරිකාවට කීමට ඇත්තේ උකුසු ඇසකින් නොව විවෘත මනසකින් මෙම පත් කිරීම දෙස බලන ලෙසය. ඔවුන් එලෙස බලනවා ද නැද්ද අපට වැදගත් නැත. අපට වඩා වැදගත් වන්නේ රටේ ආරක්‍ෂාව සහතික කර ජනතාව සුරක්‍ෂිත කිරීමය. නව යුද හමුදාපතිවරයා එය ඉටුකරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More