දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පළ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ගිවිසුමකට එළඹීමට ද නිදහස් පක්ෂය අපේක්ෂා කරන බවයි. සන්ධානගත වීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්නේ ඉන් පසුව බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊයේ (20) රාත්‍රියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More