දේශීය පුවත්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය  හිමිව ඇත.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිව ඇත.

බාලවයස්කාර දැරියන් විවාහ කරදෙන, කාන්තාවන්ට කිසිදු ස්වාධීනත්වයක් හිමි නොවන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති වහාම සංශෝධනය කළ යුතු බවට බරපතළ සංවාදයක් පසුගිය යුගයේ රට තුළ ඇතිව තිබුණු අතර මුස්ලිම් කාන්තා සංවිධාන ද මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරට පැමිණ තිබිණි.

ඒ අනුව විවාහ වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහය සඳහා කාන්තාවකගේ කැමැත්ත ලබාගැනීම ඇතුළු සංශෝධන එක්කරමින් පනත් කෙටුම්පත් සම්පාදනය කිරිම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More