රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20දා) පැවසීය.
ඒ අනුව එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට සභාවේ එකඟතාවය ලැබුණි.
විපක්ෂයේ මන්ත්‍රිවරුන් අධිකරණය හමුවට යාම හේතුවෙන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව නෛතික ගැටලු පැන නැගී තිබෙන බැවින් මෙම තීරණය ගත් බවද සභානායකවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන
විපක්ෂය මේ පනත් කෙටුම්පතට අකැමැති වුණේ සභානායක කියන හේතුව නිසා නොවේ. රට කෑලිවලට කඩලා මහ පොළවේ අයිතිය විජාතිකයන්ට ලබාදීමට එරෙහිවයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ.
සිසිර ජයකොඩි
මේ පනතට විරුද්ධව උසාවි ගිය කෙනෙක් මම. රජය අනුගමනය කළ යුතු ක්‍රියාදාමය නිසි ලෙස සිදුකර නැති නිසා මෙය නීතිවිරෝධී බවයි අධිකරණය පැවසුවේ.
විමල් වීරවංශ
මේ රටේ ඉඩම් විදේශිකයන්ට සින්නක්කරයට මිලදී ගැනීමට හැකිවන ලෙසයි මේ ඔප්පුව ජනතාවට දෙන්නේ. විදේශිකයන්ට මේ ඉඩම් සින්නක්කරයට මිලදී ගැනීමට නොහැකි වන ලෙස ඔප්පු ලබාදෙන්න. එවිට අප එකඟ වෙන්නම්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...