ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ බව ද රාජපක්ෂ මහතා එම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බව ද හෙතෙම කීය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබා තිබූ කාලය පුරාම ද ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වී ඇති බව එම නිලධාරියා තවදුරටත් පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ප්‍රකාශ කළ නොහැකි බවට පවතින ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිසම මේ අදහස් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...