දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හූනන් විශේෂ (දිවාසැරි හූනන්) හයක් හඳුන්වාදීමට පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. විදේශීය මහාචාර්යවරු සහ දේශීය මහාචාර්වරුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගිය 2018 වර්ෂයේදී මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත.

විශේෂයෙන් ලංකාවේ කුඩා වනාන්තර ආශ්‍රිතව මෙම සතුන් ඇති බවට නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව කුඩුම්බිගල, මොනරාගල පිහිටි මරගල කන්ද , පදියතලාවේ කොකාගල කන්ද , කඩුගන්නාවේ උමඟ ආශ්‍රිත ප්‍රදේශය, බඹරකොටුව වනාන්තරය සහ වලපනේ කීර්ති බණ්ඩාරපුර ආශ්‍රිතව මෙම පර්යේෂණ සිදුකර තිබේ. උෂ්ණත්වය අඩු , ආද්‍රතාවය වැඩි , ආලෝකය අඩු , වන ආවරණය හොඳින් ඇති ප්‍රදේශවල පිහිටි ගල්ගුහා තුළ සහ ගල් බිත්තිවල මෙම හූණන් ජීවත් වේ. එම සත්ත්ව බිත්තර කුඩා සෘජුෆෝම් බෝල ආකාරයෙන් ගල් බිත්තිවල ඇලී පවතී.

මෙම හූණු විශේෂයේ ඝන නාමය Cnemaspis නම් වන අතර ශ්‍රී ලංකාවේ නමක් තැබූ වීරවරයන්ගේ නම්වලින් ඔවුන් නම් කර ඇත. ඒ අනුව ගෝටයිම්බර යෝධයා නමින් Cnemaspis gotaimbarai sp.Nov ලෙසද, නන්දිමිත්‍ර යෝධයා නමින් Cnemaspis nandimithrai sp.Nov ලෙසද , ඌව වෙල්ලස්ස සටනේදී වීරයන් වූ කොහුකුඹුරේ රටේ රාල නමින් Cnemaspis kohukumburai sp.Nov ලෙසද, බූටෑයේ රටේ රාළ නමින් Cnemaspis butewe sp.Nov ලෙසද, කිවුලේගෙදර මොහොට්ටාල නමින් Cnemaspis kivulegedarai sp.Nov ලෙසද, හිටිහාමි රටේ රාල නමින් Cnemaspis hitihami SP.Nov ලෙසද මෙම සතුන් නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ වාර්තා වන සියලුම දිවාසැරි හූනන් මෙරටට ආවේණික වේ. ඔවුන් අතරින් සියයට පනහක් පමණ දැඩිලෙස තර්ජනයට ලක්වු සතුන් ලෙස සැලකිය හැකිය. මෙම සතුන් එක්ම වාසස්ථානයක් භාවිතා කරන බැවින් ඔවුන් වෙත එල්ල්වන තර්ජනයකදී එම ස්ථානයෙන් පිටවීමක්ද සිදු නොකරයි. එබැවින් සංවර්ධන කටයුතුවලදී නිසි අවසරයකින් තොරව වනාන්තර එළි කිරීම, පරිසර අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇත. පෙර කී ප්‍රදේශ මේ තරම් හෝ ආරක්ෂා වී ඇත්තේ ඒ ආශ්‍රිතව පවතින ආරන්‍ය සේනාසන නිසා බව පවසන පරිසරවේදී සුරන්ජන්, ගල්බෝර දැමීම සතුන්ට මහත් තර්ජනයක් වී ඇති බව පෙන්වා දෙයි. එමෙන්ම මේ වන විට මෙරටට ආවේණික සත්ත්ව විශේෂ රැසක් මෙම පරිසර හායනය හේතුවෙන් විනාශ වී ඇති බවද ඔහු පවසයි.

ඉදිරියේදී නවක සාමජිකයන් 15 ක් පමණ හඳුන්වාදීමට කටයුතු සැකසෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් කීය.



One thought on “අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති”

  1. I think those so called scientists are actual anti Sinhala elements, they are deliberately destroying our ancestral history,no where in the anecdotes that war heroes of King DutuGemunu could be
    named as lizards
    Those so called pseudo scientists should be brought before the law

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More