දේශීය පුවත්

මෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබාදුන් උපදෙස් අනුව අදාල පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර ඇති අතර ඉදිරියේදී මෙම වැඩසටහන අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ අතර එය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරිමේදී බිම් මට්ටමේදී ගැටලු කිහිපයක් පැනනැගී ඇති බවත් එම ගැටලු විසඳා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More