දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල හා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යු‍රෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බරපතළ මානව හිමිකම් සහ මානවවාදී නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ලක් වී සිටින ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා‍පති තනතුරට පත් කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය යොමු කර ඇති දැඩි අවධානය කෙරෙහි අ‍පගේ පූර්ණ සහයෝගය හිමි වෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මඟින් සාධාරණත්වය හා වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාස‍යේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්‍ගේ මානව හිමිකම් ‍කවුන්සිලයට දැක්වු සහයෝගය පිළිබඳ ගැටළු මතු වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම එමඟින් ජාතික සංහිඳියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක් කරන අතර, යුද්ධයේ ගොඳුරු බවට පත් වු සහ යුද්ධයෙන් දිවි බේරා ගත් ජනතාවට පීඩාකාරී පණිවිඩයක් ‍යොමු කරන බවද ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More