දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ උද්ගත් වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කොට සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පක්ෂය දෙකඩ වීම වලක්වා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මැදිහත් වන්නැයි එම පෙරමුණේ නායකයින් පිරිසක් ද, මහා නා හිමිවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැසක් ඇතුළු විවිධ පාර්ශවයන් ගණනාවක් කතානායක කරු ජයසුරිය මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණ සහ එහි දේශපාලන අනාගතය වෙනුවෙන් එම වගකීම,කාර්යභාරය සහ යුතුකම ඉටු කළ හැක්කේ කිසිදු කණඩායමක් හෝ කල්ලියක් නියෝජනය නොකරන පරිණත ප්‍රතිපත්තිගරුක වගේම ජ්‍යෙෂ්ඨ නායකයෙකුවන දේශබන්දු කරු ජයසුරිය මහතාට පමණක් බව එම කණ්ඩායම අවධාරණය කර සිටියි.

ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහ ආශීර්වාදය ද මේ වන විට ලැබී ඇති අතර ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ දොස්තර රාජිත සේනාරත්න,පාඨලී චම්පික රණවක,මනෝ ගනේෂන් සහ රවී කරුණානයක යන මහත්වරුන් ඇතුළු නායකයින් රැසක් අඟහරුවාදා (13) රාත්‍රියේ කරු ජයසුරිය මහතා හමු වී මේ ඉල්ලීම කර ඇති අතර ඒ අනුව කරු ජයසුරිය මහතා ද ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සිය එකඟතාවය පළ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More