දේශීය පුවත්

අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) විශේෂ සෝදිසියකට ලක් කර තිබේ. ඒ අමාත්‍යවරයාගේ නිවසේ අවි ආයුධ සඟවා ඇති බවට ලද පැමිණිල්ලක් මතයි.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු පැමිණිලි භාර ගැනීමට සඳහා පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර තිබු විශේෂ කමිටුව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව සිදුකරනු ලැබූ පැමිණිල්ලක අන්තර්ගත කරුණු අනුව මෙම සෝදිසිය සිදුකළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ පුත්තලමේ පිහිටි නිවසේ අවි ආයුධ සඟවා ඇති බවයි.

එම පැමිණිල්ලේ සඳහන් කරුණු අනුව පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය විසින් පුත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම සෝදිසි මෙහෙයුම ඊයේ දින සිදුකර ඇති අතර එහිදී කිසිදු අවි ආයුධයක් සොයා ගැනීමට නොහැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More