එක්සත් ජනපද පුරවැසිභාවයෙන් ඉවත්වන අයෙකුගේ දත්ත එරට ෆෙඩරල් රෙජිස්ටරයෙහි බොහෝවිට පළ කෙරෙන්නේ මාස කිහිපයක් ගතවීමෙන් බව කොළඹ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන කළ විමසීමකදී තානාපතිනිය මෙසේ සඳහන් කළාය.
එක්සත් ජනපද තානාපතිනී ඇලෙයිනා ස්ටෙප්ලට්ස් මහත්මිය සිය නිල නිවසේදී මාධ්‍යවේදීන් කණ්ඩායමක් හමුවූ අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කළේ, පුරවැසිභාවයෙන් ඉවත්වීම පරිපාලනමය ක්‍රියාවලියක් බවයි.
“ඔබ අවශ්‍ය පියවර අනුගමනය කළොත්, අවසානයේදී ඔබ පුරවැසිභාවයෙන් ඉවත් වෙනවා.” ඇය සඳහන් කළාය. කෙසේ වෙතත්, එක්සත් ජනපද නීතිය අනුව පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශක්තිමත් නීති රාමුවක් පවතින බැවින්, තමන්ද ඒ නීතියට අවනත විය යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...