ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී පෙරේරා මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති මෙම සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බව අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් අතර මෙම හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්විණි.
මෙහිදී එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතා පහසුවෙන්ම ජයග්‍රණය කිරීමට හැකියාව පවතින බවයි.
මෙම විශේෂ සාකච්ජාව සඳහා තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියන්ද ඉරාන් වික්‍රමරත්න,නලින් බණ්ඩාර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එස්.එම් මරික්කාර් සහ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබේ.
එ.ජා.ප. මන්ත්‍රීවරුන් තවත් තීරණාත්මක හමුවක
එ.ජා.ප. මන්ත්‍රීවරුන් තවත් තීරණාත්මක හමුවක#lka #UNP #News1st
Gepostet von Newsfirst.lk am Dienstag, 20. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...