පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කණ්ඩායම් තුනක් විසින් අදාළ තීරණාත්මක සාකච්ඡා ආරම්භ කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබුණද නව දේශපාලන වැඩපිළිවෙලක් දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනටමත් යෝජනා කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් ඒ සඳහා දූෂණයට එරෙහි එක්සත් ජාතික පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා නියෝජිතයින්ට ආරාධනා කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී තිබෙන බවද එම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙසට පක්ෂයේ විශාල පිරිසක් මේ වන විට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොජනා කර තිබෙන බව එක්සත් ජාතික පක්සයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එම ජනමතයට ගරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද සහාය ලබාගැනීමට කටයුතු කරන බවද එම අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒ ජනවරම අනුව අනිවාර්යෙන්ම හිටපු ජනාධීපති මහින්ද රජාපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කර නව ආණ්ඩුවක් ගොඩනැගීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යේෂඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරමින් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනවරමට ගරුකරමින් තීන්දුවක් ගැනීමට සිදුවන බවද එම නියෝජිතයා පෙන්වා දුන්නේය.
එවැනිඅවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසකගේ සහායක් තවත් දේශපාලන පක්ෂ කිහිපයකගේම සහයත් ලබාගැනීමට කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ එම ජ්‍යේෂ්ඨ නියෝජිතයා ප්‍රකාශ කළේය.
මෙම කණ්ඩායම් තුන පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් කුඩා දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමටද මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...