ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි නිල නිවසේදී අද පස්වරු 06.00ට මෙම රැස්වීම ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
රැස්වීම සඳහා පොදුජන පෙරමුණට සහය පල කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් මෙන්ම නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...