දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රබල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් මත වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කළේය.

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම් සාන්ත කෝට්ටෙගොඩ ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන්ද අවධානය යොමුකර ඊට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි එම ආරංචි මාර්ග සනාථ කළේය.

දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්, පාතාල කණ්ඩායම් සමග එක්වී දකුණේ ප්‍රභූවරුන් ඝාතනය කිරීමට කළ සැලසුම් කිහිපයක් බුද්ධි අංශ හෙළිකරගෙන තිබිණි. එහිදී වැඩිම තර්ජනය ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත බවද බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

ඔඩ්ඩුසුඩාන්වලදී පසුගිය වසරේ ජුනි 22 වැනිදා අල්ලාගත් දිනේෂ් නමැති කොටි සාමාජිකයාගෙන් හෙළි වූ තොරතුරු අනුව සොයාගත් අවි ආයුදවලට අමතරව ප්‍රභූ ඝාතනයක් සඳහා කුමාන්කුලම් ප්‍රදේශයෙන් ගොඩගත් ස්නයිපර් දෙකක් ගැනද හෙළිවිය. එම ස්නයිපර් අවිවලට සිදුවූ දේ හෙළිනොවුණු අතර ප්‍රභූ ඝාතන සඳහා ඒවා දකුණට එවා ඇතැයි යුද හමුදා බුද්ධි අංශවලට හෙළි විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමකට මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ සහාය ඇතිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සැලසුමක් තිබූ බවට සැකකරන තොරතුරු හමුවන්නේ බුද්ධි අංශ කරගෙන යන විමර්ශන අතරේය.

කුගන් සාමි හෙවත් කනපති කදිරවේලි නමැති හින්දු පූජකවරයා පොහොට්ටුව නියෝජනය කරන දේශපාලනඥයකු ඝාතනයක් සඳහා වූ සැලසුමක්ද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය ඔත්තු සේවාව අනාවරණය කර තිබේ.

පොහොට්ටුවේ ඉලක්කයක් සඳහා ජාත්‍යන්තරයේ වුවමනාව මත වින්දන්, කාර්තික් ඇතුළු එල්.ටී.ටී.ඊ. හා දකුණේ පාතාලය සමග සම්බන්ධකම් පත්වන ගණේමුල්ල සංජීව කල්ලිය ඇතුළු කණ්ඩායම් කැසකවන බවද හෙළිවන්නේ අයියර් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

දකුණේ පාතාලයේ කොස්ගොඩ තාරක කල්ලිය හා කොස්ගොඩ සුජිත් කල්ලිය, පාකිස්තානු අන්තවාදී කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මෙරටට ආර්.පී.ජී. අවි දෙකක් ඇතුළු ආයුධ තොගයක් එවා ඇතැයි බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වන්නේ මේ අතරය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්ප්‍රාප්තියට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව, පාතාල කල්ලි මෙන්ම අන්තවාදී කණ්ඩායම්ද බියට පත්ව ඇති බවත් විදෙස් බලවේග සමග එක්ව ප්‍රභූ ඝාතනයකට උත්සාහ කළ හැකි බවත් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More