දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරිම ගැටලුකාරී තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් පවසන්නීය.

ඇය සඳහන් කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාව එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය උල්ලංගණය කිරීම් පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි.

“ලුතිනන් ජෙනරාල් සිල්වාගේ උසස්වීම මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සන්දර්භය තුළ යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිඳ දමයි” යැයි ඇය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වසරේ මාර්තු මාසයේදී පත්කළ විටද ඒ වෙනුවෙන් සිය කනස්සල්ල පළ කිරීමට මිෂෙල් මහත්මිය කටයුතු කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More