දේශීය පුවත්

19 වැනි සංශෝධනයත් සමග එළඹෙන ජනාධිපතිවරණයේදී පත්වන ජනාධිපති අපේක්ෂයා ශක්තිමත් නොවන බැවින් අගමැති අපේක්ෂකත්වය දියයුත්තේ එක්සත් ජාතිකපක්ෂ ජ්‍යෙෂ්ඨයෙකුට බවට කැරැල්ලක් එජාප අභ්‍යන්තරයේ නිර්මානය වෙමින් පවතින් බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
මෙි පිළිබදව සහ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡාවකට කැදවා ඇතැයි වාර්තාවේ.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බවට පවසන ජ්‍යේෂ්ඨ එජාප නායකයින් අතර සිටින කබීර් හෂීම් , මලික් සමරවික්‍රම හා මංගල සමරවීර යන මහත්වරුන්ට ද මේ කැදවීම කර ඇති බවද වාර්තාවේ.

මේ අතර ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රී අත්සන් 52ක ලයිස්තුවක් සමග එක්කර ඇති ලිපිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ මන්ත්‍රීවරු කිහිපදෙවෙනකුගෙන් විමසීමක් කර ඇති අතර එහිදී එම මන්ත්‍රීවරු පවසා ඇත්තේ විවිධ රාවයන් සහ කටකතා පැතිර යන බැවින් ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් නම්කළ යුතු බවය.

මෙම ලිපියට අත්සන් තබා නැත්තේ එජාප මන්ත‍්‍රිවරුන් 10 දෙනෙකු පමණක් යයි සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු ඔස්සේ පවසා ඇත.
එසේ අත්සන් නොකළේ යයි සදහන් මන්ත්‍රීවරු මෙසේය.

අඛිල විරාජ් කාරියවසම්
නවින් දිසානායක
රවී කරුණානායක
වජිර අබේවර්ධන
ජෝන් අමරතුංග
තිලක් මාරපන
සාගල රත්නායක
සරත් ෆොන්සේකා
ඩී.එම්. ස්වාමිනාදන්
සිරිනාල් ද මෙල්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More