දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි කොටි ඩයස්පෝරාවේ ජාත්‍යන්තර මෙහෙයුම සැප්තැම්බර් 7 දා ජිනීවා නුවරදී ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා, චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ, හිටපු බීබීසී වාර්තාකාර ප‍්‍රැන්සිස් හැරිසන්, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රකාශක සුරේෂ් සුරේන්ද්‍රන්, ප‍්‍රංශ කොටි ඩයස්පෝරා නායක මරියදාස්, බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන්, තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වන වයිකෝ සහ තිරුමුරුගන් ගාන්ධි කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ කිරුබාහරන් ඇතුළු ඊළාම්වාදීන් 30 ක් සහභාගි වේ. මේ සඳහා ප‍්‍රෑන්ක් මිලියන 5 ක් වැයවන බව හෙළිවී ඇත.

2009 මැයි 19 දා කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ආරම්භ කළ ප‍්‍රචාරක මෙහෙයුමින් පසු දියත් කර ඇති විශාලතම මෙහෙයුම මෙය වේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජාත්‍යන්තරව අවමානයට ලක්කිරීම සඳහා ප‍්‍රංශයේ සිට ටී.ජී.පී. අධිවේගී දුම්රියක් වෙන්කරගෙන ඇති කොටි ඩයස්පෝරාව ඊළාම්වාදීන් විශාල පිරිසක් ජිනීවා වෙත ගෙන ඒමටද සැලසුම් කර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව දින 20 ක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප‍්‍රදර්ශනයක්ද පැවැත්වීමට කොටි ඩයස්පෝරාව සැලසුම් කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටියි.

– Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More