දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීම සම්බන්ධයෙන් විරෝධය පල කොට සිටියද මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වමින් යාපනය පුරා පෝස්ටර් අලවා තිබේ.
මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යාපනය නගරයේ පිහිටුවන ලද පක්ෂ කාර්යාලය මුල් කරගෙන විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා ගැනීම සදහා විවිධ කොටස් සමග සාකච්ඡා පැවැත්වෙමින් පවතී.
යාපනයේ ඊ.පී.ඩී.පී.නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කිරීමේ දේශපාලන ව්‍යාපාරයට පූර්ණ සහය ලබා දී තිබේ.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද පසුගිය දිනක යාපනයට පැමිණ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් හමු වී ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු අන්දම පිළිබදව සාකච්ඡා පවත්වා යාපනයේ ශාඛා සමීති පිහිටුවීමද විධිමත් කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...