දේශීය පුවත්

ඇමරිකානු ආරක්ෂක ගිවිසුම (සෝෆා) පිළිබඳ සාකච්ඡා ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා ප‍්‍රකාශයට පත් වන තෙක් අත්හිටුවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තාවේ.

මේ බව මෙරට ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

මෙම ආරක්ෂක ගිවිසුම ගැන විපක්ෂයේ පක්ෂ වලින් දැඩි විරෝධය දක්වා තිබූ අතර මේ ආරක්ෂක ගිවිසුමට තමා ද එකඟ නොවන බව ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ද ප‍්‍රකාශ කර තිබිණි.

ඇමරිකානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ ජනපතිවරණය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරීන් සැපයූ රහස් වාර්තා මතය. ඒ අනුව මැතිවරණ කාලය තුළ අගමැති රනිල් බේරා ජනාධිපතිවරණයෙන් පසුව සෝෆා මර උගුල ඝෝඨාභය රාජපක්ෂයන්ට ඇටවීම සදහා මෙම තීන්දුව ගෙන ඇති බව විචාරකයෝ පවසති.

සෝෆා නමින් හඳුන්වන මෙම ආරක්ෂක ගිවිසුම යටතේ ඇමරිකානු හමුදාවට මෙරට කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට ඉඩ ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More