දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්ඝෝ කිරීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තවදුරටත් තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ වන විට ගෝඨාභය මහතා රටේ ජනාධිපති කර ගැනීමට ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සමස්ත ජාතියේ ම සිහිනය බවට පත්ව ඇතැයි ද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.

වසර විස්සකට පසු මෙවර ජනාධිපතිවරණයට ජවිපෙ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සුබ ලකුණක්. එයින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ පසුගිය ජනාධිපතිවරණ දෙකේ දීම සහය දුන්නේ එජාප අපේක්ෂකයාටයි. ඒ අනුව 2015 දී ජවිපෙ ඡන්ද තිබුණේ එජාපයේ ඡන්ද ලක්ෂ 62 තුල මිස අපේ ඡන්ද ලක්ෂ 58 තුල නොවේ. ඒ විතරක් නොවේ.

පසුගිය වසර පහලොව පුරාවට ජවිපෙ සාමාජිකයින්ට උදේ සිට සවස වන තුරු මතුරන්න උගන්වා තිබුණු මන්තරේ තමයි “මහින්ද හොරා” කියන එක. එහෙව් සාමාජිකයින් එජාපයට මිස අපට ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට නම්බුකාර පරාජයක් සදහා හෝ තිබූ ඉඩද මේ අවස්ථාවේ වැළලී ගොස් තියෙනවා.

පුංචි ඡන්දයේ දී අපි 42%ක් ඡන්ද ගත් විට එජාපය ගත්තේ 29%යි. එජාපයට අපිට ළං වෙන්න ගන්න තිබුණු ලොකුම ඡන්ද කුට්ටිය තමයි ජවිපෙ 6%. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට ඒ 6%ත් අහිමි කරලා අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කර අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කිරීම පිළිබඳ අපි ජවිපෙට පින් දෙනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More