දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි.
දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුවන්ට ලබාදෙන විශ්‍රාම වැටුප හා වැටුප වයස අවුරුදු 55 පසු වැටුප අහිමි කර විශ්‍රාම වැටුප පමණක් ලබාදෙන පවසා අද (19දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට මෙම පිරිස් කටයුතු කළේය.
විරෝධතාවයෙන් පසු අදාළ සංගමයේ නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවක්ද නිරත විය.
එහිදී මේ මස 27 වන දින අදාළ ගැටළුවට විසඳන බවට පොරොන්දු වූ බවත්, පොරොන්දු කඩකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද එම සංගමයේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...