දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දී තිබේ.

ඉහත ලිපිය භාර දීම අද(19) පෙරවරුවේ සිදුවූ අතර පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී  මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන්  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර එහි තීන්දුව අනිද්දා(21) දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා පවසා විසින් පවසා ඇත.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය  දැඩි නිහඩතාවයක් දක්වා ඇති අතර එය ගැටළුකාරී බව දේශපාලන විචාරකයන්ගේද මතය වී තිබේ.

ජනාධිපති අපෙක්ෂකයා නම් කිරීම සදහා එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී දැඩි තීරණයක් ගන්නා  බවට ප්‍රකාශ කළ සජිත් පාර්ශ්වයේ කිසිවකු ඒ සම්බන්ධව කතා නොකර නිහඩව සිටීම යම් කිසි පෙරළිකාර තීන්දුවක් ගැනීම සදහා කථිකාකරගෙන ඇති බවටද තොරතුරු ලැබෙමින් පවතින බව වාර්තාවේ . ‍

එමෙන්ම එජාප නියෝජ්‍ය නායක  සජිත් පේ‍්‍රමදාස මහතා අගමැතිවරයා ලෙස පත් කර නැවත වතාවක් එජාප – ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සූදානමක් ඇතැයි එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි.

පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී සුපුරුදු ආකාරයට පාර්ලිමේන්තු කටයුතු පවත්විගෙන යාම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More