දේශීය පුවත්

නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳව  ඇමරිකා එක්සත්  ජනපදය තානාපති කාර්යාලය නිකුත් නිවේදනයක් දැඩි කතාබහට ලක්වෙමින් තිබේ.

එහි දැක්වෙන්නේ යුධ හමුදාපතිවරයා ලෙස  ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් ඇමරිකාවේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනා විමසන්නේ ස්වාධීන රටක අභ්‍යන්තර තීරණයන් කෙරෙහි අත පෙවීමට ඇමරිකාවට ඇති අයිතිය කුමක්ද යන්නයි.

ලොව බොහෝ රට වල අභන්තර තීරණයක් කෙරෙහි ඇමරිකාව කරන විවිධ මැදිහත් වීම් නිසා එම රට වල බොහෝ ගැටලු නිර්මාණය වී ඇති බවත්, ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ ඇමරිකාව දක්වන මෙම මතය ශ්‍රී ලංකා රජය කිසි ලෙසකින් සැලකිල්ලක් නොදැක්විය යුතු බවටත් ඔවුන්ගේ මතය වී තිබේ.

මේ අතර යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ද විරෝධය පළ කරනවා. ට්වීටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ මෙම පත් කිරීම දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට පයින් ගැසීමක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More