ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අක්ත පත්‍ර භාරදී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල් සඳහා නව තානාපතිවරියන් මෙලෙස පත් කර ඇති බවයි.
ට්‍රීන් එස්කඩෙල් මහත්මිය නෝර්වේ තානාපතිනිය ලෙස පත් කර ඇත.
මහ බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය සඳහා මහ කොමසාරිස්වරිය ලෙස පත් කර ඇත්තේ, සාරා හල්ටන් මහත්මියයි.
එම රටවල් ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට නව තානාපතිවරියන් කැපවනු ඇතැයි ජනාධිපතිතුමා එහිදී විශ්වාසය පළ කල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...