දේශීය පුවත්

ගෝඨා නිස TNA දෙකඩ වන ලකුණු

August 19, 2019 3:47 pm | Lanka Lead News

ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කොට ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දෙපිරිසක් අතර ඇති වී තිබෙන අර්බූදයක් නිසා යළිත් එම පක්ෂය දෙකඩ වීමට ආසන්නයේ පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු පැවසීය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය  රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක මන්ත්‍රීවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට යාමත් සමගම පක්ෂයේ අභ්‍යන්තර ගැටලු රැසක් මතු වී තිබේ.

ගෝඨාභය  රාජපක්ෂ මහතාව හමු වීමට ගිය මන්ත්‍රීවරයාට දෙමළ ජාතික සන්ධානයේ සෙසු ජෙයෂ්ඨ මන්ත්‍රීවරුන් දොස් නැගීමටත් අවලාද නැගීමටත් පටන් ගැනීම නිසා ඔහු පවසා ඇත්තේ සම්බන්ධන් මන්ත්‍රීවරයා ලංකාවට පැමිණි වහාම ඔහු සමග සාකච්ඡා කොට තමන් තව දුරටත් දෙමළ ජාතික සන්ධානය තුල සිටිනවාද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගන්නා බවයි.

ඔහු එම ප්‍රකාශය කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙකු පවසා ඇත්තේ මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන්  නම් කරණු ලබන ඕනෑම අපේක්ෂකයෙකු හමු වී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සාකච්ඡා කිරීමේ කිසිම වරදක් නොමැති බවයි.

එසේ සාකච්ඡාවට යන මන්ත්‍රීවරු සාකච්ඡා වලින් ඔබ්බට ගොස් එම අපේක්ෂකයින්ට සහය දක්වන බවට නායකත්වයට නොකියා ගිවිසුම් වලට එළඹීම පමණක් වැරදි ක්‍රියාවක් බව ද පවසා තිබේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේම තවත් මන්ත්‍රීවරු තුන් දෙනෙකු පවසා ඇත්තේ පක්ෂය ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න අපේක්ෂකයා නම් කළ විගසම තීරණයකට පැමිණීම වඩා අවාසිදායක බවයි.

අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දෙමළ ජනතාව වෙණුවෙන් ලබා දෙන අයිතිවාසිකම් මෙන්ම  ඒ වෙණුවෙන් ඔහුගේ ඉදිරි වැඩ පිළිවෙලද දැඩි ලෙස විමර්ශනයට ලක් කල යුතු බව එම මන්ත්‍රීවරු තුන් දෙනා ප්‍රකාශ කොට තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් මෙවර යළිත් මෝඩකම් නොකිරීමට වග බලා ගත යුතු බවත් ඒ නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තනි තනිව හෝ ඔවුන්ට ඇති සබදකම් මත ජනාධිපති ධූර අපේක්ෂකයෝ සියලු දෙනාම මුණ ගැසී සාකච්ඡා කිරීම ඉතා වැදගත් බවද දෙමළ ජාතික සන්ධානයේ පෙරලිකාර මන්ත්‍රීවරු තුන් දෙනා පවසා තිබේ.

කෙසේ වෙතත්  මුලින්ම අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේ දැනට ඉන්දියාවේ සිටින දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැමිණි වහාම පක්ෂයේ අභ්‍යන්තර රැස්වීමක් පවත්වා තීන්දි තීරණ රැසක් ගැනීමට පක්ෂයේ ජෙයෂ්ඨ මන්ත්‍රීවරු තීරණය කොට ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More