දේශීය පුවත්

රටේ නායකයා තෝරාගැනීමේ අවස්ථාවේදී මෙරට මහා සංඝරත්නයේ හඬට ඇහුන්කම්දී තීරණ ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මා ඔය ශ්‍රී විජය සුනන්දාරාමයේ ඉදි කෙරෙන ප්‍රතිමාවකට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේය.

මෙවරද සිංහල ජාතිය මැතිවරණයේ දී දෙකට වන බවත් සුළු ජාතීන් ඉල්ලන වරප්‍රසාද සියල්ල ලබා දෙමින් ඔවුන්ගේ පිහිටෙන් රාජ්‍ය පාලනයකට යාමට සිදුවන බවත් ඒ හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සඳහා අවශ්‍ය අණ පනත් මේ වන විට සකස් වෙමින් පවතින බවත් බෝම්බ ප්‍රහාරයෙන් පසුවත් විවිධ අවි ආයුධ හමුවු පසුවත් තවමත් අපි ආරක්ෂිතව සිටීයැයි සිතීමට යොමුව ඇති බවත් උන් වහන්සේ පෙන්වා දුන්නේය.

භික්ෂුන් වහන්සේලා ලෙස කැප කිරීමක් සිදු කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින බවත් මහා සංඝරත්නයේ හඬට සවන් දී රට වෙනුවෙන් කැප වෙන ලෙසත් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More