දේශීය පුවත්

නව හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වෙයි. මේ වන විට ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියි.

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18දා) අවසන් විය. ඔහු 2017වසරේ ජුනි මාසයේ සිට යුද හමුදාපති ලෙස කටයුතු කළේය.

දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇත.

යුද සමයේදී 53 වැනි සේනාංකයට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ රණවිරුවෙකි.

ශවේන්ද්‍ර සිල්වා මහතා වීර වික්‍රම විභූෂණය, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම යන පදක්කම්වලින් පිදුම් ලැබුවෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More